“තමුසෙට කොන්දක් නැහැ ඕයි…” වෙල්ගමගෙන් මහින්දානන්දට දැඩි ප්‍රහාරයක්

මහින්ද පිලේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කෙලින් කතා කිරීමට කොන්දක් නැතැයි මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

කුමාර වෙල්ගම මහත් කවටයෙකු බවත් ඔහු ගැන කතා කිරීමෙන් පලක් නැති බවටත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කුමාර වෙල්ගම මහතා අද (05) කළුතරදී පැවති ජනහමුවකදී මෙසේ දැඩිව ප්‍රතිචාර දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා…

“අද ඉතාමත්ම හොඳ දවසක්. මොකද අපේ නායක තුමාගේ පුතත් වේදිකාවේ ඉන්නවා. කියන්න තියෙනදේ කියන්නත ඕන නේහ්. එතුමා ගිහින් තාත්තටත් කියන්න එපැයි මෙන්න වෙල්ගම ඇමතිතුමා මේ වගේ කිව්වා. අපි බලාපොරොත්තුවෙන මේ රටේ එකම රාජ්‍ය නායකයා වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි කියන එක කියන්න ඕනා. ජනාධිපති මැතිවරණයට අපිට ඕන කරන්නේ තමුන්නාන්සෙව. එහෙම නැතුව දේශපාලනය නොකරපු අය මටනම් වැඩක් නැහැ.

මම මේ දිස්ත්‍රික්කයේ අවුරුදු 36ක් ආසන සංවිධායක වරයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා තියෙනවා. ඒ මම සංවිධායක කම ගන්නකොට නාමල් මහත්තයා ඉපදිලා නැහැ. රෝහිත මහත්තයා මම හිතන්නේ ජංගියේ චූ කරන කාලේ. පියල් ගැන කතා කරලා වැඩක් නැහැ.

දැන් ලංකාදීප පත්තරේට මහින්දානන්ද මහත්තයා කියනවා කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා ගැන කතා කරලා වැඩක් නැහැ. එයා විකටයෙක්ගේ චරිතයක් රඟපාන්නේ.

මම අහනවා මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයෝ එදා මධ්‍යම කාරක සභාවෙදී තමුසෙට කොන්දක් තිබුනේ නැහැ ඕයි නැගිටලා කියන්න. තමුසෙට එදා නුගේගොඩ රැස්වීමට නගින්න තමුසෙට පිටකොන්දක් තිබුණේ නැහැ. හැංගිලා බලාගෙන හිටියේ. එහෙනම් විකටයා කවුද?

අද විපක්ෂයේ ඉන්නවා ආණ්ඩුවත් එක්ක ඩීල් දාන වුන්. මම බය නැතුව කියනවා. මට ඕනනම් නම් කියන්න පුළුවන් නමුත් මම කියන්නේ නැහැ. උඩ බලාගෙන කෙළ ගහන්න බැහැ. මේ මට දොස් කියපු මහින්දානන්ද මහත්තයා කෙලින්ම හිටියේ චන්ද්‍රිකා නෝනගෙ පිලේ. එතුමා එදා මහින්ද මහත්තයට වැඩ කළෙත් නැහැ. එතුමාගෙ ඔළුවේ ඉන්නේ මහින්ද මහත්තයා නෙවෙයි. එතුමාගේ ඔළුවේ ඉන්නේ වෙන කෙනෙක්. නමුත් ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මම තමුන්නාන්සේලාට කියන්න ඕනා.”

Facebook
Twitter
LinkedIn