ගුරුවරු ලෙඩ නිවාඩු දැමීමේ විරෝධතාවකට සැරසෙති

ගුරුවරු ලෙඩ නිවාඩු දැමීමේ විරෝධතාවකට සැරසෙති

දේශපාලන පළිගැනීම් මුවාවෙන් ගුරුවරුන්ට විවිධ තනතුරු දෙමින් සුදුසුකම් ඇති ගුරුවරුන්ට අසාධාරණයක් වීම නිසා විරෝධය පළ කරමින් ජූලි මස 26 වැනි දින දීපව්‍යාප්තව ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා විරෝධය පළ කිරීමක් ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා පැවැසීය.

මේ වනවිට ගුරු අධ්‍යාපන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පතිවරුන් ඇතුළු 1011ක් දෙනෙක් සඳහා සුදුසුකම් ලත් අය සිටියදී දේශපාලන හිතවතුන්ට පත්වීම් දීම අසාධාරණයක් වී ඇති බවත් ඇතැම් අය දේශපාලන හිතවත්කම් මත එකම පාසලේ වසර 15-20 සේවය කර සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් විදුහල්පති තනතුරු ලබාගෙන ඒ හා සමානම පාසල්වලට තනතුරු ලබා යෑමද අසාධාරණ බවත් ඔහු කීවේය.

Facebook
Twitter
LinkedIn