කුරුවිට පැරඩයිස් මෝල් කැලේ ප්‍රදේශයේ දී පතලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු යට වී තිබේ.
අද උදෑසන 10ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව කුරුවිට පොලිසිය සඳහන් කරයි.
අදාළ පුද්ගලයා තවත් දෙදෙනෙකු සමඟ පතලෙහි ආධාරක ලී ගලවමින් සිටිය දී එකවරම පස් තට්ටුවක් කඩා වැටී ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.
එහි දී අනෙක් පුද්ගලයින් දෙදෙනා පතලින් ඉවතට පැන බේරී තිබේ.
මේ වන විට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් යට වූ පුද්ගලයා ගොඩ ගැනීම සදහා කටයුතු කරමින් සිටින බව කුරුවිට පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.
5









