අද (16) පාර්ලිමේන්තුවේදී ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා ඩිලාන් පෙරේරා ඇමතිවරයාගෙන් කොරියාවේ සේවයේ නියුතු වූවන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විමසා සිටියා.
අප රටේ ප්‍රධානතම විදේශ විනිමය ආදායම බවට පත්ව තිඛෙන්නේ විදෙස් ගත සේවක සේවිකාවන්, රට තුළට එවන මුදල්ය. එය ඩොලර් බිලියන 3 කට ආසන්නය. එම මුදල් ප්‍රමාණය අපගේ රටට නොලැඛෙන්නේ නම් අපගේ වෙළඳ ශේෂයේ හිගය පවතිනවාට වඩා විශාල අගයක් ගනු ලබන බව නොඅනුමානය. එය අපගේ ආර්ථීකය වෙත එල්ල වන මරු පහරකි. එහෙයින් අපගේ වෙළඳ ශේෂයේ හිගය මේ තරමින් හෝ පවත්වාගැනීමට හැකියාව ලැබී තිඛෙන්නේ එම විදේශ ගත ශ්‍රමිකයන්ගේ මුදල් හේතුවෙනි. ඔවුන් මෙම කාර්යයේ නිරත වනුයේ ඉතාමත් දුෂ්කර තත්වයන්ට මුහුණ දෙමිණි. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් කරනු ලබන රැකියා ඉතාමත් දුෂ්කර හා අවදානම් සහිත ඒවාය. එමෙන්ම දෛනික වැඩ දිනය පැය 14 – 16 මට්ටමේ පවතී. එමෙන්ම නිසි ආහාරයක් නොමැති අතර ඉතාමත් දුෂ්කර දේශගුණික තත්වයන් ඔවුන්ව විශාල ලෙස පීඩාවට පත්කරයි. එහෙයින් මොවුන් තම ආර්ථීකය ශක්තිමත් කර ගැනීමට හා රටේ ආර්ථීකයට ඉහළ අගයක් සපයන්නට ගනු ලබන මෙහෙයට පාර්ලිමේන්තුවේ හා ජනතාවගේ ප්‍රසංශාව හා ගෞරවය හිමිවිය යුතුය.
එමෙන්ම ඔවුන් මුහුණ දී සිටින දුෂ්කර තත්වයන් අවම කර ගැනීම සඳහා අප විසින් ගත යුතු කි්‍රයාමාර්ග රැසක් ඇත. මෙම විදෙස්ගත ශ්‍රමිකයින් අතර කොරියාව තුළ රැකියා කරන ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් අතර ගොඩ නැගී තිඛෙන ව්‍යාකූලත්වයක් පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමින් ගරු විෂයභාර අමාත්‍යතුමා පහත ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
01. විෂයභාර අමාත්‍යතුමා විසින් පසුගිය කොරියානු සංචාරයේ අරමුණ කුමක්ද?
02. කොරියානු රජය හා ශී්‍ර ලංකා රජය අතර එම විදෙස් සේවක සේවිකාවන් පිළිබඳව කවර එකඟතාවන් ඇති කර ගන්නා ලද්දේද?
03. කොරියානු රටේ ලංකාවේ පුරවැසියන් රැකියාවක් කරන විට ඔහු රැකියාව අවසන් කර ලංකාවට එනවිට ඔහුගේ මාසික වැටුපෙන් සහ සේවා යෝජකයා විසින් ගෙවන ලද කොටසේ එකතුව ලෙස මුදලක් ලැබේ. මෙය ලංකාවේ අරථසාධක අරමුදලට සමාන ගෙවීමකි. එය කොරියාවේදී ‘කුක්මින්’ ලෙස හඳුන්වයි. එම ගෙවීම එම සේවකයා වෙත ගෙවනවා වෙනුවට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ගෙවා සේවකයාගේ වසය අවු. 60 පිරුණු පසු විශ්‍රාම වැටුපක් ලෙස ගෙවීමට එකඟතාවකට පැමිණෙන ලද්දේද?
04. පසුගිය අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කර ලද විදෙස්ගත සේවක සේවිකාවන් සඳහා යෝජිත විශ්‍රාම වැටුප සකස් කිරීමේ වර්තමාන තත්වය කුමක්ද?









