
ඉරාකය තුළ පැවති ඇමෙරිකානු හමුදා මෙහෙයුම් නිල වශයෙන් අවසන් වේ.
බැග්ඩැඩ් හි පැවති උත්සවයකදී ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා ඛන්ඩ වල කොඩිය චාරිත‍්‍රානුකූලව පහතහෙළනු ලැබූ අතර, වසර 9කට ආසන්න කාලයක් පුරා පැවති යුධ මෙහෙයුම් වල අවසානය මෙමගින් සංකේතවත් විය.
මෙම අවස්ථාව අමතමින් ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් ලියොන් ප’නෙටා පවසා ඇත්තේ ඇමරිකා හමුදා ඛන්ඩ හට ඉතා අභිමානවත් ලෙස ඉරාකයෙන් ඉවත් විය හැකි බවයි.
ඇමෙරිකානු හමුදා යළි සිය රටට යාම සතුටට කරුණක් බවත්, ඉරාකයේ ආරක්‍ෂාව සියතට ගැනීමට එහි ආරක්‍ෂක අංශ වලට මේ වන විට හැකියාවක් ඇතැයි විශ්වාස කරන බවත් ඉරාක නියෝජ්‍ය අගමැතිවරයා පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වසර 2003 දී ආරම්භ වූ ඉරාක යුද්ධය සඳහා මේ වන විට ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලියනයක් පමණ වැය වී ඇත.
ඉරාක යුද්ධයෙන් මේ දක්වා ඇමෙරිකානු සොල්දාදුවන් 4,500 ක් හා ඉරාක ජාතිකයන් 100,000කට වැඩි පිරිසක් මියගොස් ඇත.
මේ වන විට ඉරාකයේ රැඳී සිටින්නේ ඇමෙරිකානු සොල්දාදුවන් 4,000 ක් කට ආසන්න සංඛ්‍යාවක් වන අතර, ඔවුන්ද ඉදිරි දෙසතිය තුළ සියරට බලා යාමට නියමිතයි.









