ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව ධීවරයෝ පාරට බසිති

ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව ධීවරයෝ පාරට බසිති

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ධීවර කාර්මිකයින් විරෝධතා ආරම්භ කර තිබේ.

වැඩි කළ ඉන්ධන මිල වහාම අඩු කර ධීවරයින්ට සහන ලබා දෙන්නැයි කියමින් හම්බන්තොට ධීවරයෝ අද (13) හම්බන්තොට -තංගල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ සංවිධායකත්වයෙන් පැවති මෙම අවස්ථාවට එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතාද එක්වී සිටි අතර විරෝධතාවය අවසානයේ ඔහු විරෝධතාවයේ නිරත ධීවරයින් අමතමින් සඳහන් කර සිටියේ ආණ්ඩුව තම හඬ කන් නොදෙන්නේනම් රට පුරාම මෙවැනි විරෝධතා සංවිධානය කරන බවත් එහි එක් සංඛේතයක් ලෙස හෙට දිවයින පුරා ධීවර වරාය සහ තොටුපොළවල්වල කළු කොඩි ඔසවා විරෝධතා දැක්වීමට කටයුතු කරන බවත්ය.

Facebook
Twitter
LinkedIn