මහජනතාවගේන පත්වන මන්ත්‍රීවරුන්ට ගිනිඅවි අනව්‍ය බවත් මන්ත්‍රීවරුන්ට ලබාදුන් ගිනිඅවි නැවතත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත් දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලීන් හේවගේ මහතා සඳහන් කරයි.
අද (20) පැවති දකුණු පළාත් සභාවේ සභා රැස්වීමේදී ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
බස් රථ රියදුරකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගතකරනු ලැබ සිටින බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව මැද දකුණු පළාත් සභා රැස්වීමට අද (20) සහභාගී වූ මන්ත්‍රී එම්. කේ කසුන් මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සභාවේ ඇති වූ උණුස්ම් කාරී තත්වය අතරතුර නලීන් හේවගේ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
පළාත් සභාව ආරම්භවූ විට ප්‍රකාශයක් කරමින් කසුන් මහතා ප්‍රකාශ කර ඇත්තේ බස් රියැදුරා ඇතුලු විස්සකට අධික පිරිසක් තමාට පහරදුන් අතර සිය බිරිඳ තමා බේරාගැනීමට පැමිණි බවයි. තමන්ට ඇති ආදරය නිසා සිය බිරියටද බන්ධනාගාර ගතවීමට සිදුවූ බවත් ය.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.
මෙහිදී අදහස් දැක්වා ඇති දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකොරල මහතා, පළාත් සභා මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි භාවිතා කිරීමේ ක්‍රමවේදය පිලිබඳව ප්‍රශ්න කර ඇති අතර මන්ත්‍රීවරයාට අනතුරක් සිදුවන අවස්ථාවක ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවිය වෙනත් අයෙකුට භාවිතා කළ නොහැකි නම් එම ගිනි අවියෙන් ප්‍රයෝජනයක් නැතැයි ද සඳහන් කර තිබේ.
එහිදී නැගි සිටි දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලීන් හේවගේ මහතා පෙන්වා දී ඇත්තේ මහජනතාවගෙන් පත්වන මන්ත්‍රී වරුන්ට ආයුධ අවශ්‍ය නොවන බවයි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිසිවෙකු ගිනිඅවි ලබාගෙන නැති බවත් දකුණු පළාත් සභවේ සෙසු මන්ත්‍රීවරන් අතරින් කවුරුන් ගිනි අවි ලබාගෙන ඇත්දැයි නලීන් හේවගේ මහතා ප්‍රශ්න කර ඇත.
මහජනතාවගෙන් පත්වන තමන් මහජනතාව සමග එදිනෙදා ජීවිතය ගෙවන බවත් තමන්ට කිසිදාක ගිනි අවි අවශ්‍ය නොවන බවත් පවසා ඇති නලීන් හේවගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන්ට ලබාදුන් ගිනිඅවි නැවතත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවයි.











