එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවිර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඔහු මේ මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
සාදයකදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඔහු පුද්ගලයෙකුට පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් පොලීසියට සිදු කළ පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ සිදු කර තිබිණි.
පොලිස් පරීක්ෂණ ආරම්භ වීමත් සමග ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා දින ගණනාවක් දුරකථන පවා විසන්දි කර නිවසෙන්ද පලා ගොස් සිටි බව වාර්තා වේ.
7










