ගුවන් විදුලියේ නව සංඛ්‍යාත හෙට සිට

හෙට (නොවැම්බර් 1) සිට ගුවන් විදුලි නාලිකා සඳහා නව සංඛ්‍යාත ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බව එහ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට පවසයි.

පැහැදිලි ශ්‍රවණ තත්ත්වයක් යටතේ ශ්‍රාවකයන්ට ගුවන් විදුලි නාලිකාවලට සවන්දීමට ඉඩසැලසීමේ අරමුණෙන් මෙම නව සංඛ්‍යාත වෙනස් කිරීමට තීරණය කර ඇති බව හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව සංඛ්‍යාත 05 කට වඩා භාවිතා කරන ගුවන් විදුලි නාලිකා සඳහා සංඛ්‍යාත දෙකක්ද, එක් සංඛ්‍යාතයක් භාවිතා කරන ගුවන් විදුලි නාලිකා සදහා එක් සංඛ්‍යාතයක්ද ලබාදීමට නියමිත බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

මේවන විට ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා 43 ක් සඳහා බලපත්‍ර ලබාදී ඇත.

Facebook
Twitter
LinkedIn