අද (31) පස්වරු 2.30ට පමණ ඇතිවූ දැඩි සුළං තත්ත්වයකින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හානි සිදුව තිබේ.
ඒ අනුව ගාල්ල නාගොඩ නිවාස 25 ට, මාපලගම නිවාස 02ට හා හික්කඩුවේ නිවාසයකට හානි සිදුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙම සුළඟින් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වහළට ද හානි සිදුව තිබේ.
බදුල්ලටද දැඩි සුළං තත්ත්වයක් ඇතිවී තිබෙන අතර එයින් සිදුවී ඇති හානි පිළඳ වාර්තා නොවේ.
Views: 0









