බලපෑම්වලට යට නොවී හැකි ඉක්මණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස ප්රධාන මහේස්ත්රාත් නිරෝෂා ප්රනාන්දු මහත්මිය විසින් පොලීසියට පවසා ඇත.
අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහර දී මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වීම පිළිබඳව විනිසුරුවරිය පොලීසියට පවසා ඇත්තේ, තම අධිකරණ බල ප්රදේශයේ වූ මේ පහරදීම ඉතාම බරපතල සිද්ධියක් බවත් බලපෑම්වලට යට නොවී හැකි ඉක්මණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්ය.
අනතුරුව නඩු විභාගය ලබන 14 වැනි දාට කල් තබා ඇත.
Views: 0









