ආණ්ඩුවේ අර්බුදය ඌවෙන් මතුවේ

ඌව පළාත් සභාවේ ක්‍රීඩා, යෞවන කටයුතු, සමාජසේවා, තරුණ කටයුතු, වතු යටිතල සහ විදුලිබල බලශක්ති ඇමති සෙන්දිල් අකලං තොණ්ඩමාන් මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

තම අමාත්‍යාංශයට වෙන්කර තිබූ ප්‍රතිපාදන අඩුකරීමට එරෙහිව අකලංක තොණ්ඩමාන් මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ බවත් මින් ඉදිරියට පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස පෙනී සිටින බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පවසා ඇත.

මෙම ඉල්ලා අස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත බාරදුන් බවත් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයද ඉවත්කරගත් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මේ පිළිබඳව දේශපාලන විචාරකයින් පවසන්නේ, වර්තමානය වනවිට මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු තුළ සිදුකරන ප්‍රතිපාදන කප්පාදුව හේතුවෙන් ආණ්ඩුව තුළ දැඩි අර්බුදයක් මතුව ඇති බවයි.

ඒ තත්වය මැති ඇමතිවරුන්ට ආණ්ඩුව වෙනුවෙන් පෙනීසිටීමේ අසීරුතාවක් දක්වා වර්ධනයවී ඇති බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

Facebook
Twitter
LinkedIn