අධිකරණයට දේශපාලන බලපෑම් තිබෙනවා – නීතීඥ උපුල් කුමාරප්පෙරුම

අධිකරණයට දේශපාලන බලපෑම් තිබෙන බව නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසයි.

ඊයේ (30) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමට අදාළ සැකකරුවන් ඉදිරිපත් කරනු ලැබීය.

එම අවස්ථාවේදී භාරත ලක්ෂ්මන් මහතාගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, සිද්ධිය දිග්ගැස්සීමට ඇති එකම හේතුව දේශපාලන බලපෑම බවත් එම බලපෑම් සිදුවනුයේ මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිසා  බවත් නීතිඥවරයා වැඩිදුරටත් පැවසා ඇත.

Facebook
Twitter
LinkedIn