අධිවේගී මගට නඩු

බාල කාපට් ඇතිරීම නිසා දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් වළක්වා ගත නොහැකිවී ඇතැයි පවසමින් අධිවේගී මාර්ග අධිකාරියට එරෙහිව නඩු පැවරීමට එම මාර්ගය භාවිතා කරන්නකු විසින් සූදානම් වන්නේයැයි වාර්තාවේ.

මෙසේ නඩු පැවරීමට සූදානම් වන තිඹිරිගස්යායේ සරත් සුබසිංහ මහතා පවසන්නේ, තම මෝටර් රථය දින කිහිපයකට පෙර අනතුරකට ලක්වී ඇති බවත් එය මුදා ගැනීම සඳහා රුපියල් එක් ලක්‍ෂ පන්දාහක (රු. 150,000) දඩයක් ගෙවූ බවත්ය.

“පාරේ වතුර, තැන් තැන්වල තාරද උඩට ඉස්සිලා. කාපට් තට්ටුව බාලයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn