එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවැති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි වාර්තා වේ.
පක්ෂයේ තීරණයට පිටුපා පසුගිය 18 දින හයිඩ් පිටියේ පැවැති රැලියට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේබණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, අශොක් අබේසිංහ සහ පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න යන මන්ත්‍රීවරුනගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර ඇති බව සඳහන්.
මෙම තීරණයත් සමග එම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය, පක්ෂයේ දැරූ තනතුරු සහ වගකීම් සියල්ල අහෝසි වන බවත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් නෙරපා හැරීමටද සිදුවන බව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු විසින් මාධ්‍යයට පවසා ඇත.
මේ අතර අශොක් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩුවට එකතුවීමේ සූදානමක් ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි.
ආශ්‍රිත පුවත්
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට?









