පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් මහතා යළි මැගසින් බන්ධනාගාරයට යොමු කර ඇත.
කොන්දේ ආබාධයක් හා සමේ ආසාදන තත්වයක් හේතුවෙන් ඔහු ඊකුත් 21 වැනිදා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර එහි 1 වාට්ටුවේ රඳවා ප්‍රතිකාර ලබාදෙනු ලැබීය.
අර්ජුන් ඇලෝසියස් මහතා සමග රෝහල් ගත කළ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඉකුත් 24 වැනිදා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබිණි.
මේ වනවිට එම සැකකරුවන් දෙදෙනාම මැගසින් බන්ධනාගාරයේ “ඊ” සිර වාට්ටුවේ රඳවා තබා ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 04වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිති.
මෙහි අනෙක් සැකකරුවා වන සිංගප්පූරු පුරවැසියෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවට ගොස් සිටින අතර මේ වනවිට ඔහු පදිංචිව ඉන්නා තැනක් පිළිබඳ සොයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර ගොස් තිබේ.










