තඹුත්තේගම උද්ඝොෂණයේ නිරත 59ක් අත්අඩංගුවට

තඹුත්තේගම උද්ඝොෂණයේ නිරත 59ක් අත්අඩංගුවට

කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය හන්දිය ප්‍රදේශයේ උද්ඝෝෂකයක නිරතව සිටි පිරිසකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර සිදු කිරීමෙන් පසු විරෝධතාවයේ නිරත 59දෙනෙකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම විරෝධතාවය අතරතුර පොලීසිය සහ එම ජනතාව අතර ඇතිවූ උණුසුම්කාරී තත්වය හේතුවෙන් පොලීසියේ නිලධාරීන් 04 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බවද වාර්තා වේ.

අත්අඅඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 54 දෙනෙකු හා කාන්තාවන් 05 දෙනෙකු සිටින බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්