“ඕනෑම ඇප කොන්දේසියකට අපිව නිදහස් කරන්න” ඇලෝසියස්, පලිසේන ඉල්ලයි

“ඕනෑම ඇප කොන්දේසියකට අපිව නිදහස් කරන්න” ඇලෝසියස්, පලිසේන ඉල්ලයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන අයදුම්පත්වලට අදාල වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 09 වනදා නිකුත් කිරීමට අධිකරණය තීරණය කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතායි ඉදිරියේ මෙම ඇප අයදුම කැඳවූ අතර සැකකරුවන් තම ප‍්‍රතිශෝධන ඇප අයදුම්පත මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඕනෑම ඇප කොන්දේසියක් යටතේ තමන්ට ඇප ලබා දෙන ලෙසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්