පානීය ජලව්‍යාපෘතියට විරෝධය දැක්වූ ගොවීන්ට කඳුළුගෑස්

පානීය ජලව්‍යාපෘතියට විරෝධය දැක්වූ ගොවීන්ට කඳුළුගෑස්

කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය හන්දිය ප්‍රදේශයේ විරෝධතාවයක නිරතව සිටි ගොවීන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

රාජාංගය වැව ආශ්‍රිතව අක්කර 17,000ක ගොවිතැන් කරන බවත් එම ගොවිතැන් සඳහා ජලය සපයන රාජාංගනය වැව පානීය ජල බෝතල් නිෂ්පාදය කරන පෞද්ගලික චීන සමාගමකට ලබාදීමට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.

මෙම උද්ඝෝෂණය සඳහා ගම්වාසීන් සියලුම දෙනා පැමිණ ඇති අතර උද්ඝෝෂණය හේතුවෙන් කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ  වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවී ඇත.

විරෝධතාකරුවන් තඹුත්තේගම පොලීසියටද ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ බව පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්