වසන්ත සේනානායකත් රනිල්ට එරෙහිව අවි අමෝරයි

වසන්ත සේනානායකත් රනිල්ට එරෙහිව අවි අමෝරයි

එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි එම පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යූහය වෙනස් විය යුතු බවද ජාතික ලැයිස්තුවෙන් එක්ව සිටින “වළ පයයි – ගොඩ පයයි” ඇමැතිවරුන් ඉවත් කළ යුතු බවද වසන්ත සේනානායක මහතා අවධාරණය කරයි.

ඉතා ඉක්මනින්ම එජාපයේ පැහැදිලි වෙනසක් නොවුණහොත් එජාප මන්ත්‍රීවරුන් තවත් පිරිසක් විශ්වාස භංගයට සහාය වනු ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එජාප නායකයාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්