මහින්දානන්දගේ තවත් නඩුවක් කල් යයි

මහින්දානන්දගේ තවත් නඩුවක් කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කර ඇති මෙම නඩුව මාර්තු මස 06 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn