හිටපු SSPගෙන් පැය තුනක ප්‍රකාශයක්

හිටපු SSPගෙන් පැය තුනක ප්‍රකාශයක්

සන්ඩේලීටර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අද (21) ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දී තිබේ.

ගල්කිස්ස භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ඉල්ලීමට අනුව ලසන්ත ඝාතන පරීක්ෂණ සටහන් පොලිස් පොතින් ඉරා නියෝජ්‍ය පොලිස්පතිට බාර දුන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දන්වා තිබිණි.

තමාට මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිටි හේමන්ත අධිකාරී මහතා පසුගිය සිකුරාදා (16) ඉල්ලා සිටියේය.

ඒ අනුව අද මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැය තුනක කාලයක් එම ප්‍රකාශය ලබා දී ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගැනුණු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

Facebook
Twitter
LinkedIn