ගෑස් 300කින් නංවන්න අවසර ඉල්ලයි

ගෑස් 300කින් නංවන්න අවසර ඉල්ලයි

ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.

සමාගම් දෙකේ මෙම ඉල්ලීම් පිළිබඳ කළ විමසීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ, ගෑස් මිල වැඩි කිරීමට මෙතෙක් අනුමැතිය ලබා නොදුන් බවයි.

ලෝක වෙළඳ පොළේ ගෑස් විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දැන් පවතින මිලට ගෑස් අලෙවි කළ නොහැකි බව කියමින් මිල වැඩි කිරීමට ඉක්මනින් අවසර දෙන ලෙස සමාගම් දෙක ඉල්ලා ඇත.

ගෘහස්ථ ගෑස් සිරින්ඩරයක මිල රුපියල් 300කට වැඩි ගණනකින් වැඩි කිරීමට සමාගම් දෙක අධිකරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.

ගෑස් සිලින්ඩරයක මිල පසුගිය වසරේ දී රුපියල් 110කින් වැඩි කෙරුණු අතර ඒ අනුව කිලෝ 12.5ක ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,431කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්