ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ දේශපාලන ක්ෂේත්‍රයේ රනිල් – මෛත්‍රී – මහින්ද අතර කලබලයක් දක්නට ලැබුණද නියම කර ගත් පරිදි පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතය.

එහිදී න්‍යාය පත්‍රයට අනුව මන්ත්‍රී චර්යා ධර්ම හා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදය පැවැත්වෙනු ලැබේ.

පවතින දේශපාලන වාතාවරණයට අනුව ආණ්ඩුවේ වෙනසක් වුවහොත් පාර්ලිමේන්තුවේ ආසනවල වෙනස්කම් සිදුවනු ඇත.

Facebook
Twitter
LinkedIn