ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය තොණ්ඩමන්ට

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය තොණ්ඩමන්ට

නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද(16) දහවල් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම පක්ෂයේ උප සභාපති එම්. රාමේෂ්වරන් මහතා මේ බව සඳහන් කළේ ය.

මේ අනුව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය සහ ලේකම් ධූරය ආරුමුගන් තොණ්ඩමන් මහතාට හිමිව තිබේ. මුත්තු සිවලිංගම් මහතා එම පක්ෂයේ අනුශාසකවරයා ලෙස කටයුතු කරනු ඇති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්