හිටපු ඇමරිකා තනාපති ජාලියගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

හිටපු ඇමරිකා තනාපති ජාලියගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

ඇමෙරිකාවේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ,ඩොලර් 132000ක් අවභාවිත කළැයි ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට තාවකාලිකව විදේශ ගතවීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමේදී ඇප වූ ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරිය අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) වරෙන්තු නිකුත් කළේය.

අධිකරණයෙන් අවසර ලබාගෙන තාවකාලිකව විදේශ ගතවීමෙන් පසු මේ වන තෙක් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහි වරෙන්තු දීර්ඝ කිරීමටද නියෝග කෙරිණ.

එසේම අප්‍රේල් 24 වැනිදා මෙම නඩුව නැවත විභාග කිරීමටද දින නියම කෙරුණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්