සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ(09) දහවල් විරෝධතාවක නිරත වූහ. විරෝධතා පාගමනකින් පැමිණි සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.

 

 

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විෂය කප්පාදු කිරීම, දෘෂ්‍ය කලා පීඨයේ විෂයයන්ට අදාළ විෂය කොටස් ඉවත් කිරීම සහ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම සඳහා බලධාරීන් කටයුතු කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති තුසිත යාපා මෙහිදී චෝදනා කළේය.

 

Facebook
Twitter
LinkedIn