ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් එක්දින තරගයකදී පිතිකරුවෙකු විසින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඊයේ (8) සමත් විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 219 ක් ලබාගනිමිනි.
සෙවැග් පන්දු 149 කදී හතරේ පහර 25 ක් සහ හයේ පහර හතක් සමගින් ලකුණු 219 ලබාගත් අතර එක්දින තරගයකදී ලකුණු 200 සීමාව ලබා ගත් ලොව දෙවැනි පිතිකරුවා විය.
මීට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කීමේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ය. ඒ පසුගිය වසරේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 200 ක් ලබාගෙනය.
9









