එක්සත් ජාකිත පක්ෂය තුළ හටගෙන ඇති නායකත්ව අර්බුදය නිසා මේ දිනවල දේශපාලන කරලිය උණුසුම් වී ඇත. එජාප නායකත්වය සදහා තරගකිරීමට කරු ජයසූරිය මහතා ඉදිරිපත්වී ඇත. ඒ සම්බන්ධයෙන් ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා කියාසිටියේ ආණ්ඩු පක්ෂයට එක්වූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂය සමග නැවත එක්වූ අවස්ථාවේ පක්ෂය හැර නොයන බවටත්, පක්ෂ නායකත්වයට බලපෑම් නොකරන බවටත්, මහත්මා දේශපාලනයක නිරත වන බවටත් ප්‍රතිඥාවක් ලබා දී ඇති බවයි.
කරූ ජයසූරියට වඩා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා තමන්ට සුදුසුකම් පවතින බවත් තමන්ට වඩා නායකත්වය සඳහා සුදුසුකම් පවතින ජ්‍යෙෂඨයින් පක්ෂය තුළ සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් මෙසේ කරූ ජයසූරිය මහතා නායකත්වයට තරග කිරීම සදාචාර සම්පන්න නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.









