එළැඹෙන 2018 නව වසර සියලු යහපත් අරමුණු ඉටුවන ධෛර්යවන්ත වසරක් වේවායි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය නව අවුරුදු සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් පවසයි.
අග්‍රාමාත්‍යවරයාගේ නව අවුරුදු සුභ පැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
“2018 වසර එළැඹෙනුයේ දිගුකාලීන ජනතා අපේක්ෂාවන් ජය ගනිමින් අප ලැබූ සමාජ, දේශපාලන නිදහස වඩාත් අර්ථවත් කරගැනීමේ ප්‍රමුඛ කාර්යභාරය නැවත නැවතත් සිහිගන්වමිනි.
යහපාලන රජය පිහිටුවන මොහොත වන විට රට තුළ විශාල සමාජ, ආර්ථික, දේශපාලන පිරිහීමක් පැවැති අතර දැඩි දුෂ්කරතා මැද වුව තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ආර්ථික ස්ථාවරභාවයක් කරා යෑමට අපි කටයුතු කළෙමු.
ගෙවුණු කාලසීමාව තුළ ජනතාව වෙත සමාජ, දේශපාලන, මානව නිදහස අයත් කරදීම සඳහාත් ජාත්‍යන්තර වශයෙන් අප රට පිළිබඳව පැවැති අඳුරු ආකල්ප වෙනස් කොට සුහදශීලී වාතාවරණයක් ගොඩනැඟීම සඳහාත් ප්‍රමුඛ අවධානයක් යොමුකරමින් කටයුතු කළෙමු. එම කටයුතු සාර්ථක කරගන්නට මේ වන විට අපට හැකිවී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී සදාචාරසම්පන්න දියුණු රටක් ලෙස ඉදිරියට යෑම සඳහා අප රජය මෙතෙක් ගෙන ගිය වැඩපිළිවෙළට සහාය ලබාදුන් සැමට කෘතවේදී වෙමින් වඩාත් ශක්තිමත්ව ඉදිරියට යෑමට මේ වසර තුළද ඔබ අප සමඟ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කරමු.”









