ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සංඝ පදවියක් උසුලන ප්‍රකට නායක හිමක් ගැන මාධ්‍යවල පසුගිය දිනවල පලවූ අතර එම හිමිනම කවුරුන්ද යන්න මේ වනවිට හෙළි වී තිබේ.
ඒ තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් උන් වහන්සේ විසින් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කිරීමත් සමගය.
ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කර ඇත්දළ යුගල කපා ගැනීම සහ එම ඇත්දළ ගනුදෙනුව සම්බන්ධයෙන් තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීමට ඇති ඉඩකඩ වළක්වාලන ලෙස ඉල්ලමින් මෙසේ මහව මහෙස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇත්තේ පොල්පිතිගම නාගල රජ මහා විහාරයේ විහාරාධිපති හිමියන් විසිනි.
පසුගිය 08 වැනිදා නීතිඥවරු මාර්ගයෙන් මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් එම විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අවස්ථාවක එම හිමියෝ මෙලෙස අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර ඇත.
සතියකට අධික කාලයක සිට අතුරුදන්ව සිටින නාගල රජ මහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කර ගැනීමටද හැකිවී නැතැයිද පොලිසිය සඳහන් කරයි.
දළ පූට්ටුවාගේ ඝාතනය සහ ඇත්දළ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට එම විහාරාධිපතිගේ නිත්‍ය රියැදුරු මෙන්ම උන්වහන්සේගේ සමීපතයකු වූ හේරත්ගම ග්‍රාමනිලධාරී වරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.
ආශ්‍රිත පුවත්
දළ පූට්ටුවාගේ ඝාතනය සැඟවීමේ තැතක්
දළ පූට්ටුවාගේ ඝාතනයට සැක, ප්‍රසිද්ධි නායක හිමිනමක් අතුරුදහන්










