ජොන්ස්ටන්ට එරෙහි නඩුවත් 2018 තෙක් කල් යයි

ජොන්ස්ටන්ට එරෙහි නඩුවත් 2018 තෙක් කල් යයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් දෙදෙනකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයෙහි විභාග වන සතොස මූල්‍ය වංචා නඩුව පෙරේදා (23) මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අතර එහි වැඩිදුර විභාගය සඳහා 2018 ඔක්තෝබර් 31 වැනි දින දක්වා කල් තබනු ලැබීය.

කුරුණෑගල පිහිටි සතොස ශාඛා තුනකින් රුපියල් පනස් දෙලක්ෂයකට (රු. 5,200,000)  අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා මූල්‍ය වංචාවක් සිදු කිකරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව ඔහුගේ ලේකම්වරයකුට හා සතොස හිටපු සභාපතිවරයකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

මව්බිම

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්