තැපැල් දෙපාර්තමේන්තුවේ අකාර්යක්‍ෂම පරිපාලනය සහ අක්‍රමිකතා ඉහළයැම මෙම නිසා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ලැබූ ඉහළම පාඩුව මේ වසරේලී ලැබූ බව තැපැල් වෘත්තිය සමිති නායකයෝ සඳහන් කරති.
තැපැල් දෙපාර්තමේන්තුව 2000 වසරේදී රුපියල් මිලියන 168 ක පාඩුවක් ලැබූ අතර එය 2010 වර්ෂය වන විට රුපියල් කෝටි 300 දක්‌වා වර්ධනය වූ අතර 2011 වසරේ මුල් මාස හත තුළදී පමණක් 2010 වසරට සාපේක්ෂව රුපියල් අටකෝටි අසූ ලක්‍ෂ හැටදාස් හාරසිය දහ අටක පාඩුවක් තැපැල් දෙපාර්තමේන්තුව ලබා ඇත.
පසුගියදා තැපැල්පතිවරයා දූෂිත බව විමර්ශණයකදී හෙළිවූ අතර වෘතීය සමිති කිහිපයක් විසින් ඔහු වහා ඉවත් කරන ලෙසද විරෝධතා ව්‍යාපාරයක් ගෙනයන ලදී.
5









