රෝහල් භූමිය නිසි ලෙස පවිත්‍ර කර නඩත්තු නොකිරීම හේතුවෙන් කෑගල්ල කෑගල්ල මහ රෝහල් භූමිය තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් පවතින බව වාර්තා වේ.
අක්කර 20ට අධික රෝහල් භූමිය තුළ ඇති නිල නිවාස වල පදිංචි අයගෙන් 11 දෙනෙකු මෑත කාලය තුළ ඩෙංගු රෝගයට ගොදුරුවී ඇත. රෝහලෙන් ඉවතලන ප්ලාස්ටික් ඇසුරුම් ඇතුළු අපද්‍රව්‍ය තැන තැන ගොඩ ගැසීම නිසාත් අපවිත්‍ර ජලය ද රෝහල් භූමියේ තැනින් තැන රැඳීම නිසාත් ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් පවතින බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.
12









