තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දුව මත සිය අඛණ්ඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
පසුගිය 26වනදා මධ්‍යම රාත්‍රියේ ඇරඹි මෙම වැඩ වර්ජනය මේ වනතුරු පැවැත්විණි.
කැබිනට් අනුකමිටුව සමග සිය නියෝජිතයින් කළ සාකච්ඡාවේදී තම ඉල්ලීම්වලට පිළිගත හැකි මට්ටමේ ප්‍රතිචාර ලැබුණු බවත් ඒ අනුව අද (30) සිට තැපැල් සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක බවත් එම පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය.
දින තුනක් පුරා පැවැති අඛණ්ඩ තැපැල් වර්ජනය හේතුවෙන් මේ වනවිට ලිපි ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් අද සිට එම ලිපි බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරයි.
3










