සයිටම් ජනසතු නොකළොත් අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක්

සයිටම් ජනසතු නොකළොත් අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක්

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

එම වර්ජනයට අනෙකුත් ප්‍රබල වෘත්තීය සමිති සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බවද ඒ පිළිබඳව සාකච්ඡා කරමින් තිබෙන බවද වෛද්‍ය හේරත් මහතා කියයි.

සයිටම් ආයතනය ජනසතු කිරීමෙන් මෙපිට කිසිදු යෝජනාවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ නොවන බවත් එම වර්ජනය දියත් කරන දිනය ඉතා ඉක්මණින් තීන්දු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn