ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා සාමාජිකයන් සිව් දෙනා යළිත් ලබන 12 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරයේම තැබීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (28) නියෝග කර තිබේ.
යුද හමුදාව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව පදනම් කර ගනිමින් තව දුරටත් විමර්ශන පවත්වන බව අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව තවත් හිස් පතුරොම් කිහිපයක් සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාවක් ලැබිය යුතු බවද ප්‍රකාශ කර ඇත.
රස පරීක්ෂණ වාර්තාව ප්‍රමාධ වීම ගැන ප්‍රශ්න කර ඇති මහේස්ත්‍රාත්වරයා රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.
2










