ජනාධිපති ලේකම්ගේ නිවේදනයට GMOA විරෝධය

ජනාධිපති ලේකම්ගේ නිවේදනයට GMOA විරෝධය

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කළ නිවේදනයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ විධායක සභාව රැස්වී මෙම තීරණය ගත් බව අද (26) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මෙම කරුණ අනාවරණය කර තිබේ.

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු කිහිපයක් ඒ ආකාරයෙන්ම ජනාධිපති ලේකම්වරයාගේ නිවේදනයේ දක්වා තිබුණද එහි අඩංගු ඇතැම් කරුණු කිසිසේත් එකඟ නොවූ සහ අළුත් කරුණු වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා සහ  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු වෙනස් කළේ කවුරුන්ද යන්න පිළිබදව ජනාධිපති ලේකම්වරයා විසින් පැහැදිළි කළ යුතු බව එම සංගමය අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn