ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැපයූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ.
සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 30 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග ඇතුළත්ව සිටින බවත් එම සංචිතය පසුගිය 23වනදා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යොමුකර තිබුණ බවත් දැනගන්නට ලැබේ.
එහෙත් මෙම සංචිතයට අද (25) සවස් වරුව දක්වා අනුමැතිය ලැබී නොතිබුණි.
මූලාශ්‍ර ලංකාදීප
1










