අපට නොපෙනෙන නොහිතෙන මහා විනාශයක සළකුණු – සමන්ත විද්‍යාරත්න

අපට නොපෙනෙන නොහිතෙන මහා විනාශයක සළකුණු – සමන්ත විද්‍යාරත්න

උමා ඔය විනාශය සම්බන්ධයෙන් බලධාරීන් සහ ඇතැම් නිලධාරීන් ඇතුළු පාලකයින් සැහැල්ලුවෙන් යම් යම් ප්‍රකාශ සිදු කළද ව්‍යාපෘතිය ආශ්‍රිතව ජීවත්වන ජනතාවට නුදුරේදීම උමා ඔය විනාශකාරී ව්‍යාපෘතියේ භායානක ප්‍රතිඵල අත් විඳින්නට සිදු වනු ඇති බවත් අපට නොපෙනෙන, නොහිතෙන මහා විනාශයක සළකුණු මේ වනවිටම මතුව ඇති අබවත් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ කැඳවුම්කරු ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

ආර්මභයේදී තප්පරයට ඝන ලීටර් 976ක් වූ ජල කාන්දුව ඊයේ (21) දහවල් වනවිට තත්පරයට ඝන ලීටර් 1060 දක්වා වැඩි වී තිබූ බවත් අද වනවිට එය තත්පරයට ඝන ලීටර් 2562 දක්වා වැඩි වී ඇති බවත් සමන්ත විදයාරත්න මහතා අවධාරණය කරයි. ඒ අනුව අද වනවිට දිනකට ඝන ලීටර් විසිදෙකෝටි දහතුන්ලක්ෂ පනස් හයදහස් අටසියයක (221,356,800) ජල කාන්දුවක් සිදු වෙමින් තිබේ.

කාර්ය මණ්ඩලයට, කම්කරුවන්ට, ව්‍යපෘතියේ නිලධාරීන්ට ඇතුළු ඕනෑම අයෙකුට උමග තුළට පිවිසීමට සහ ඉන් පිටතට පැමිණීමට මීට පෙර දුම්රියක් භාවිතා කළ නමුත් මේ වනවිට උමගේ ජල ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් උමගේ කැනීම් සිදුකරන කණ්ඩායම්වලට මධ්‍යම ප්‍රමාණයේ යාන්ත්‍රික බෝට්ටු යොදාගෙන එම ජන කාන්දුව නිරීක්ෂණය කිරීමට සිදුව ඇති බවත් ඒ මහතා පවසයි.

උමගේ කැනීම් ආරම්භ කරනු ලැබුවේ ලංකා ආණ්ඩුවේ සැලසුම්වලට සහ ලංකාවේ උගතුන් බුද්ධිමතුන්ගේ පරිසර සැලසුම් වාර්තා අනුව බැවින් තමන්ට මෙහි වගකීම කිසිසේත් ගත නොහැකි බව මෙම උමගේ කැනීම් කටයුතු සිදු කරන ඉරාන සමාගම සඳහන් කරයි. කෙසේ නමුත් ආණ්ඩුව සඳහන් කරන්නේ මෙහි වගකීම අදාළ සමාගම භාර ගත යුතු බවය.

තමන් බාරගත්තේ කොන්ත්‍රාත්තුව පමණක් බැවින් උමගේ වැඩකටයුතු අවසන් වූ පසු සිදුවන තාක්ෂණික දෝශ සඳහා තමන්ට මැදිහත්විය හැකි බවත් මේ සිදුව ඇත්තේ ආණ්ඩුව සිදු කර ඇති සැලසුම්වල වැරැද්දක් බවත් එම සමාගම අවධාරණය කර ඇත.

තමන් මෙපමණ විශාල ජල කාණ්දුවකට මුහුණ දී නැති බවත් සැලසුම් අනුව එවැන්නක් බලා පොරොත්තු නොවූ බවත් පවසන එම සමාගම මෙවන් විශාල ජල කාන්දුවක් වසා දැදීමට තමන්ට තාක්ෂණය නැතැයිද පවසා ඇත. ලොව වෙනත් රටලවලින් තාක්ෂණික උපදෙස් සහ සහාය ලබාගෙන මෙම ජලකාන්දුව වසා දැමීමට කටයුතු කරමින් සිටින නමුත් ඊට මාස 03කට අධික කාලයක් වැයවනු ඇතිබවද එම සමාගම පවසයි.

මේ වනවිට දිනකට ඝන ලීටර් විසිදෙකෝටි දහතුන්ලක්ෂ පනස් හයදහස් අටසියයක ( 221,356,800) ජල කාන්දුවක් සිදු වෙමින් පවතින බැවින් මාස තුණක කාලයක් යනවිට පොලව යට ඇති ජලය සම්පූර්ණයෙන්ම පිටතට පැමිණ ජලය අවසන් වනු ඇතැයි සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. අද පවතින ප්‍රමාණයටම ඉදිරියටද ජලය කාන්දු වුවත් මාස තුණ ගතවනවිට ඝන ලීටර් මිලියන දහනවදහස් නවසිය වසිදෙයකයි දශම එකයි එකයි දෙකක (19,922.112) ජලකාන්දුවක් සිදු වනු ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා ”නිවාස පිපිරීම් 7037ක් දක්වා ඉහළ ගිහින්. ලිං, දිය උල්පත්, දියකදුරු, කුඩා වැව් සහ ඔයවල් 3112ක් සිඳී ගොසින්. මෙය තවදුරටත් ඉහළ යා හැකියි.

මධ්‍යම කඳුකරයේ මෙම විනාශය රටේ බරපතල විනාශයකට හේතුවක් වෙනවා. ගෙවල් හදන්නත් පුළුවන්, වතුර දෙන්නත් පුළුවන්, බූගත ගංගා හදන්නේ දන්නේ කොහොමද? භූගත ජලාශ නැවත ඒ තත්වට පත් කරන්නේ කොහොමද? මේ කඳු යතාවත් කරන්නේ කොහොමද? බරපතල ප්‍රශ්නයක්.

මූල්‍ය ලාභය පමණක් සොයන ධනේෂ්වර ක්‍රමයට, මුදල්මය ලාභය පමණක් තකන පාලකයන් සිටින රටක අනාගත සුරක්ෂිත භාවය ගොඩනගන්නේ කෙසේද?

ඔබ ගැඹුරුව සිතිය යුතුය. සිතීමෙන් පමණක් පළක් නැත. අවංකව කැපවීමෙන් ක්‍රියාත්මක විය යුතුය. මේ ඒ සඳහා හෝරාවයි.” යනුවෙන් පැවසීය.

Image may contain: outdoorImage may contain: one or more people and outdoorImage may contain: outdoor and waterNo automatic alt text available.No automatic alt text available.Image may contain: outdoorNo automatic alt text available.No automatic alt text available.Image may contain: plant and outdoorImage may contain: outdoorImage may contain: plant and outdoorNo automatic alt text available.Image may contain: car, tree, plant, shoes and outdoor

Facebook
Twitter
LinkedIn