බෑනගේ සමාගමේ තවත් වංචාවක් එළියට

බෑනගේ සමාගමේ තවත් වංචාවක් එළියට

අනෙකුත් ප‍්‍රාථමික බැඳුම්කර ගැණුම්කරුවන් අතුරින් පසුගිය කාලයේ වැඩිම ලාභය වු රුපියල් කෝටි 504ක් ලබාගෙන ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය සඳහා වු ආදායම් බදු හෝ ගෙවා නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දොපාර්තමේන්තුවේ  සහකාර අධ්‍යක්‍ෂක සුරේෂ් ප‍්‍රසන්න සේදර මහතා ඊයේ (21) හෙළි කර තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබාගෙන ඇති රුපියල් කෝටි 504ක් වු වැඩිම ලාභය ප‍්‍රතිශතයක් ලෙස බැලීමේදී 80.4%ක් බවද බැඳුම්කර වෙළඳ පොළේ ප‍්‍රාථමික ගැණුම්කරුවන් 16දෙනෙකුගේ මුල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කරමින් සේදර මහතා පෙන්වා දී ඇත.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හැර ‘ෆස්ට් කැපිටල්’ යන ප‍්‍රාථමික ගැණුම්කරුද 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු ගෙවා නැති බවත් අනෙක් සියලු ප‍්‍රාථමික ගැණුම්කරුවන් ආදායම් බදු ගෙවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

සුරේෂ් ප‍්‍රසන්න සේදර මහතා බැඳුම්කර වෙළඳපොළේ ප‍්‍රාථමික ගැණුම්කරුවන් 16දෙනෙකුගේ මුල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කළ අවස්ථාවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් හා සහ  ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එම මුල්‍ය වාර්තා අධ්‍යනය කිරීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් අවස්ථාවේදී ප‍්‍රාථමික ගැණුම්කරුවන් 16දෙනෙකුගේ මුල්‍ය වාර්තාවල රහසිගත මුල්‍ය තොරතුරු අඩංගු හෙයින් අදාළ ආයතනවල නම් මකා දැමීමෙන් පසු මේවායේ පිටපත් ලබාදිය හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කොමිසමට දැනුම් දී ඇත.

Facebook
Twitter
LinkedIn