අයි.එස්. ඉලක්ක වෙත රුසියාවෙන් කෘස් මිසයිල ප්‍රහාර!

අයි.එස්. ඉලක්ක වෙත රුසියාවෙන් කෘස් මිසයිල ප්‍රහාර!

සිරියාවේ පැල්මයිරා නගරයේ රැඳී සිටින අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ මධ්‍යස්ථාන ගණනාවක් ඉලක්ක කරගනිමින් රුසියානු ප්‍රහාරක යානාවක් හා සබ්මැරීනයක් මගින් කෘෘස් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මෙම ප්‍රහාරය සනාථ කරනු ලැබ ඇති අතර ඊට පෙර අසල්වැසි තුර්කිය,ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකාවද දැනුවත් කිරීමට රුසියාව කටයුතු කළ බව පැවසේ.

ප්‍රහාරයන්ගෙන් අයි.එස්. ත්‍රස්තවාදීන්ට බරපතළ හානි සිදුව ඇතැයි පැවසෙන අතර රුසියානු ගුවන් හමුදාවේ තවත් ප්‍රහාරයකින් අයි.එස්. ත්‍රස්තයින්ගේ සන්නද්ධ රථ 39ක් විනාශ කර දැමීමටද හැකිවූ බව රුසියාව ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn