ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා පියාසරකරමින් තිබූ ගුවන්යානයක සිටි ශ්‍රී ලාංකික මගියේකු, තමන් සතුව බෝම්බයක් ඇති බවට බිය ගන්වා එම ගුවන්යානය නැවත මෙල්බර්න් නුවරට ගොඩබැස්වීමේ සිදුවීමක් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
මේ අයුරින් ගුවන් යානයේ ගමන අඩාල කරන ලද ශ්‍රී ලාංකික මගියා බීමත්ව වෙරි මතින් මෙලෙස හැසිරී ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.
මෙල්බර්න් ගුවන්තොටුපළින් ගුවන්ගත වූ මෙම යානය ක්වාලාලම්පුර් නුවර බලා විනාඩි තිහක් පමණ පියාසර කිරීමෙන් අනතුරුව එය ආපසු හරවා නැවත මෙල්බර්න් ගුවන්තොටුපළට පැමිණ තිබේ.
තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් එහි සිටි ශ්‍රී ලාංකික මගියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවත් ඔහුට නියමු මැදිරියට ඇතුළුවීමට නොහැකිවී ඇති බව වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කරයි.
කාර්ය මණ්ඩලය බිය වැද්දීම සඳහා තමන් අත බෝම්බයක් ඇති බව පවසා ඇති නමුත් එය කුඩා බැටරියක් බව හඳුනාගෙන ඇතැයි මැලේසියාවේ ප්‍රවාහන කටයුතු භාර නියෝජ්‍ය ඇමති අබ්දුල් අසිස් බින් කප්රාවී මහතා මාධ්‍ය වෙත කියා සිටියි.
MH 128 ගුවන් යානය ආරක්‍ෂා සහිතව ආපසු ගොඩ බැස්වූ බවත් ශ්‍රී ලාංකික මගියා අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් මැලේසියානු ගුවන් සමාගම පවසයි.
මීට පෙර ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙවන් උත්සාහයකින් ගුවන් යානයක් පැහැර ගනු ලැබූ යේ 1982 වසරේදී වන අතර අලිතාලියා ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය පැහැර ගනු ලැබුවේ සේපාල ඒකනායක විසිනි. ඒ ඔහුගේ දරුවා සහ බිරිඳ සම්බන්ධ ප්‍රශ්නයක් මුල් කරගනිමිණි.
අදාළ මගියා



මැලේසියාවේ ප්‍රවාහන කටයුතු භාර නියෝජ්‍ය ඇමති











