Z – score අර්බුදය නිසා 2011 වසරේ උසස් පෙළ ලියූ සිසු සිසුවියන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මේ වනවිට රටේ සියලු ප්‍රදේශවල සිසු සිසුවියන්, දෙමාපියන්, ශිෂ්‍ය සංගම්, ගුරු සංගම් උද්ඝෝෂණ ව්‍යාපාරවලට අවතීර්ණවී ඇත. ඊට සමගාමීව පසුගිය 26 වනදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිටදී සමාජවාදී ශිෂ්‍ය සංගමය, ලංකා ගුරුසේවා සංගමය, අසාධාරණයට ලක්වූ සිසු සිසුවියන් විශාල පිරිසක් සහ ඔවුන්ගේ දෙමාපියන් එක්ව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.
ඒ හා සමගාමීව තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව මීට දින 7කට පෙර සිට රත්නපුර කලවාන ප්‍රදේශයේ සිසුන් සහ දෙමාපියන් සත්‍යග්‍රහයක් අරඹා ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් මාධ්යා නිවේදනයක් එවා තිබේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළවේ.
අසාධාරණයට ලක් වූ උසස් පෙළ සිසුන් සහ දෙමාපියන්,
කලවාන බස් නැවතුම්පළ ඉදිරිපිට,
කලවාන,
2012.07.30.
සියලුම මාධ්‍යය ජාලයන් වෙත.
මහත්මයාණෙනි,
Z score අර්බුදය නිසා කලවාන ප්‍රදේශයේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහය සම්බන්ධයෙනි
අපොස උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් මේ වනවිට කලවාන සහ දිවයිනේ සෑම තැනකම පැන නැගී ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳව ඔබතුමන්ලා මාධ්‍ය හරහා සිදු කළ මැදිහත් වීම් පිළිබඳ අපගේ අවංක ස්තූතිය පළ කරමු. ලංකාවේම සිසුනට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් රත්නපුර කලවාන ප්‍රදේශයේ සිසුන් සහ දෙමාපියන් වන අප දිවාරාතී්ර අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති අතර අද දිනට එනම් ජූලි 30 දිනට අප මෙම සත්‍යග්‍රහය ආරම්භ කර දින 07 ක් සම්පූර්ණ වී ඇත.
මෙම සත්‍යග්‍රහයට සහභාගීවු අපගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ
01. අසාධාරණයට ලක්වූ නව සහ පැරණි විෂය නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලු සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙසත්,
02. විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුලත්කර ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි නිරවුල් ක්‍රමවේදයක් සකස්කර ජනතාවට ඉදිරිපත්කරන ලෙසත්,
03. විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේ කඩඉම් ලකුණු හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙසත්, මෙම සිසුන්ට අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනීසිටීම ප්‍රායෝගිකව සිදුකල නොහැකි බවත්,
04. මෙම අර්බුධයට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පමුණු වන ලෙසත්,
05. සිසු ජීවිත සමඟ සෙල්ලම් කිරීම නවතා රටේ සමස්ථ අධ්‍යාපන අර්බුධයට වහා විසඳුම් ලබා දෙන ලෙසත්ය.
මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ෂව ලිපි හා විද්‍යුත් මාධ්‍යය මගින් මේ වනවිටත් දැනුවත් කර ඇති නමුත් කිසිඳු සාධාරණ ප්‍රතිචාරයක් මේ වනවිට ලැබී නැත. නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, සහ පලාත් සභා මන්තී‍්‍රවරු, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයාගේ නියෝජිත වරයෙකු වන වී.පී. ආරියපාල මහතාද අප සමග සාකච්ඡා කළ නමුත් කිසිඳු පිලිතුරක් ලැබී නැත.
බලධාරීන් මෙම ප්‍රශ්නයට විසඳීම් ලබා දෙනවා වෙනුවට මෙය දේශපාලන කුමන්ත්‍රණ කියා ප්‍රශ්නයට ඍජු පිළිතුරු ලබා නොදී මාධ්‍යය ආවරණය වලක්වා හුදෙකලා කර අපව අධෛර්යමත් කර මෙය කඩාකප්පල් කරන බව පෙනී යයි.
එමෙන්ම ජූලි මස 27 දින විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාද, ජූලි මස 29 වන දින සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ඉරාජ් රත්නායක, මහේෂ් හපුගොඩ සහ කථිකාචාර්යිණී කි‍්‍රෂාන්ති ආනන්ද වංශ මහත්මියද අප හමුව සාකච්ඡා කළ අතර ඔවුන් සියලු දෙනා පැවසුවේ අපේ ඉල්ලීම් ඉතා සාධාරණ ඒවා වන බවයි.
මේ වන විට මෙම සත්‍යග්‍රහයට සම්බන්ධව සිටින සිසුන් 04 දෙනකු රෝගාබාධ තත්වයන්ට ලක් වී ඇත. එමෙන්ම උසස් පෙළ විභාගය හොඳින් සමත් වූ අපට බලධාරීන්ගේ වරදින් සිදුවූ අර්බුධයකට මේ ආකාරයෙන් මහ පාරේ වාඩි වී දිවා රෑ ගත කිරීමට සිදු වීම නිසා මානසිකවද ඉතා බරපතල පීඩනයකට ලක් වී ඇති බවත්, මැතිවරණය කි‍්‍රයාත්මක වන ප්‍රදේශයක් තුළ සිසුන් මෙසේ දිවා රෑ රුඳී සිටීමද සිසුන්ට විශාල අභියෝගයකි. රටේ නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් මේ වනවිට පෙනී සිටින වගකිව යුතු මාධ්‍යය ආයතන ලෙස, නිදහස් අධ්‍යාපන අයිතීන් අහිමි වීමට යන අප වෙනුවෙන් යම් ජාතික මැදිහත් වීමක් සිදු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ඉහත ඉල්ලීම් මුල්කර ගනිමින් දැනට පවත්වා ගෙන යනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදාල ඉල්ලීම් නොලැබුන හොත් මාරන්තික උපවාසයක් බවට පත් විය හැකිබව කාරුණිකව දැනුම් දෙමු.
ස්තූතියි,
මෙයට
අසාධාරණයට පත් කලවාන ප්‍රදේශයේ, සිසුන් සහ දෙමාපියන්













