පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (29) රාත්‍රියේ කතරගම පූජා භූමියේදී පෙරහැර නරඹමින් සිටි වයස අවුරුදු 13 ක් වූ බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇතැයි වාර්තාවේ.
මොණරාගල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම දැරිය පූජා භූමියේ අංක 02 පාලම අසළ පෙරහැර නරඹමින් සිටියදී මෙලෙස අපයෝජනයට ලක්ව ඇත.
මේ වනවිට පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අද (30) දින තිස්සමහාරාමය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පෙරහැරේ ගමන්ගන්නා බස්නායක නිලමේවරයා වන්නේ ඌව පළාත් මහා ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාය. ඔහු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයාය.
Views: 0









