මට තනතුරු දෙනවාට පක්ෂයේ ඇතැම් අය විරුද්ධයි

මට තනතුරු දෙනවාට පක්ෂයේ ඇතැම් අය විරුද්ධයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කාලයකට පෙර සිටම තමාට දැනුම් දී තිබුනද එජාපයේම ඇතැම් පිරිස් ඊට විරෝධය පළ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කර තිබේ.

පදවියක් තිබුණත් නැතත් තමන් කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂයේ හැමෝම දන්නා බවත් ඒ නිසා තමන් තනතුරු ඉල්ලමින් අගමැතිවරයා පසුපස නොයන බවත් ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් නියෝජ්‍ය නායක තනතුර ඇතුළුව තවත් තනතුරු කිහිපයක්ම තමාට ලබාදීමට යෝජිතව පැවති බවත් පක්ෂයේ කිහිපදෙනෙකු පමණක් ඊට එරෙහිව ක්‍රියා කරන බව තමාටද වැටහී ඇති බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියි.

විශේෂයෙන් පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සරත් ෆොන්සේකා මහතාට එජාප නියෝජ්‍ය නායක තනතුර ලබා දීමට නියමිතව තිබූ බවටත් ඊට අමාත්‍ය විජේදාස රාජපක්ෂ විරෝධය පල කරන බවටත් මාධ්‍ය වාර්තා පල කර තිබිණි.

Facebook
Twitter
LinkedIn