දේශීය ගොවියා නට්ටංවෙද්දී එලවළුත් රටින් ගෙනල්ලා

දේශීය ගොවියා නට්ටංවෙද්දී එලවළුත් රටින් ගෙනල්ලා

දේශීය ගොවීන්ගේ එලවළු මාස 08ක පමණ කාලයක සිට විකුනාගත නොහැකිව වගාබිම්වල විනාශවෙමින් තිබියදී පසුගිය වසරේ මුල් මාස 11 තුළ පමණක් විදේශයන්ගෙන් රුපියල් මිලියන 50,964ක එලවළු ආනයනය කර ඇති බව අනාවරණය වේ.

මේ බව හෙළිවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්තු 10වෙනි දින නිකුත් කර තිබෙන නිවේදනයකින් ය.

පසුගිය වසරේ ජනවාරි සිටි නොවැම්බර් දක්වා මාස 11කදී මෙරටට ආනයනය කරන ලද සහ මෙරටෙන් විදේශ වෙලඳපොළට අපනයනය කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් විස්තර එම නිවේදනයේ ඇතුළත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn