තම දේශපාලන සමීපතමයන්ට හෝ නොදන්වා පසුගිය මස අවසානයේ හදිසියේම සිංගප්පූර්ව බලා ගිය මහින්ද රාජපක්ෂ “ග්‍රෑන්ඩ් හයිටි” හෝටලයේදී රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පවත්වා ඇති බව තහවුරු වී තිබේ.
වාර්තා වන අන්දමට මෙම හමුව මෙරට බුද්ධි අංශ විසින්ද තහවුරු කර ඇත. රහසිගත හමුව හෙළි වීමත් සමග මහින්ද රාජපක්ෂ තම දේශපාලන සමීපතමයන්ට ප්‍රකාශ කර ඇත්තේ කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ එම හෝටලයේදී හමු නොවූ බවත් සිංගප්පූරු ක්‍රිකට් සංගම් භෝජන ශාලාවේදී සාගල රත්නායක ඇමතිවරයා පමණක් හමු වූ බවත් ය.
මහින්ද රාජපක්ෂ ඉතා රහසිගතව සිංගප්පූරුව බලා පිටත්ව ගිය දින සවස අනුගාමික මන්ත්‍රී කණ්ඩායමේ දේශපාලන පක්ෂ නායක හමුවක් ද පවත්වනු ලැබීය. එහෙත් එම පක්ෂ නායකයන් කිසිවෙකුට හෝ මහින්දගේ විදේශගතවීම පිළිබඳව දන්වා තිබී නැත. සිංගප්පූරුවේදී මහින්ද – රනිල් රහසිගත හමුවෙන් පසුවද කැබිනට් මණ්ඩල සංශෝධනය, ජනමත විචාරණය සහ ආන්දෝලනාත්මක බැඳුම්කර වංචා විමර්ශන සභාවේ පරීක්ෂණවලදී මහින්දගේ අත්සන ඉදිරිපත්වීම ආදී කරුණු කරළියට පැමිණියේ ය. එහෙත් මහින්ද මේවාට කිසිඳු ප්‍රහාරාත්මක ප්‍රතිචාරයක් නොදැක්වී ය.
තම අත්සන ව්‍යාජ ලෙස යෙදීම පිළිබඳ සිද්ධිය හෙළි වී දින දහයක් ඉක්ම යනතුරු මහින්දගේ පක්ෂය අපරාධ පරීක්ෂණ දෙපාර්තිමේන්තුවට පැමිණිල්ලක් හෝ නොකිරීම බලවත් සැකයට හේතු වී ඇත.
මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන චූදිතයා වී සිටින අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් නාමල් රාජපක්ෂ සමග සමීප සම්බන්ධතා තිබූ පුද්ගලයෙකු බව අවස්ථා ගණනාවකදී තහවුරු වී තිබිණි.
ලංකා ඉරිදා සංග්‍රහය









