කොළඹ ඉන්නෙ හැකරැල්ලෝ මර්වින්ගේ කොළඹ ජනතාවට අපහාස

 

කොළඹ නගර සභා ප්‍රතිඵලය පිළිබදව පසුගිය 10 වැනි දින කොළඹ කොන්ටිනෙන්ටල් හොටලයේ පැවති නිදහස් සේවක සංගමයේ පළමු සංවත්සරයට සහභාගි වෙමින් අදහස්

දැක් වූ මර්වින් සිල්වා අමාත්‍යවරයා කොළඹ ජීවත් වන්නේ ගම්වලින් එපාවෙලා ගම්වලට පොලු තබා පැමිණි පිරිසක් බවත් ඔවුන් තමන්ගේ දෙමාපියන් අඳුනන්නේ නැති හැකරැල්ලන් වැනි ජාතියක් බවත් ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා, කොළඹ වැඩිපුර සිටින්නේ දෙමළ හා මුස්ලිම් ජනතාව බවත් ප්‍රභාකරන් මරා දුමූ නිසා දෙමළ අය ඡන්දය

නොදුන් බවත් මුස්ලිම් ජනතාව ඡන්දය දෙන බව කීවද ඡන්දය නොදෙන බවත් කීය. “මෝඩයෝ දුෂ්ටයෝ හිටියට අපි අපේ ගමන නවත්තන්නේ නැහැ,” මර්වින් සිල්වා අමාත්‍යවරයා පැවසීය.

 

Facebook
Twitter
LinkedIn