පසුගිය අටවෙනිදා මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි තැබීමෙන් සිදුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයත් සමග ශ්රීම ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂවාදීන්ට එරෙහි අභ්‍යන්තර ගැටුම මතුපිටට පැමිණ ඇති බව වාර්තා වේ.භාරත ලක්ෂ්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි බලවේගයන් හි සමීපතමයෙකු වන අතර ඔහු සමග ගැටුමට මුල පිරුවෙ කොලොන්නාව ආසනයේ නව සංවිධායක හා එ.ජා.ප.යෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සංක්‍රමණය වූ දුමින්ද සිල්වා මන්ත්‍රී වරයාය.
මැර බලය කෙරෙහි වැඩි විශ්වාසය තැබූ දුමින්ද සිල්වා රාජපක්ෂ ආණ්ඩුව තුළ මෑත කාලයේ කැපීපෙනෙන ලෙස ඉදිරියට පැමිණියෙකි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂක මන්ත්‍රීධූරයෙන් ද පිදුම් ලැබූ දුමින්ද සිල්වා රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි බලවේග පාලනය කිරීම සදහා පාතාලයේ උදවු ඇතිව මැර කල්ලි නඩත්තු කරන බවට පසුගිය කාලයේ චෝදනා නැගී තිබිණි.
ඝාතනය වන විට ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති පිළිබඳ අධ්යක්ෂ ජෙනරාල් ධූරය දැරූ භාරත ලක්ෂ්මන් මහතා ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ තොරතුරු රැසක් සමීපව දැන සිටි පුද්ගලයෙකු ලෙසද සැලකෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ‘අයියා‘ ලෙස ඇමතීමට පුරුදුව සිටි භාරත මහතා මීට මාස දෙකකට පමණ පෙර අරලිය ගහ මන්දිරයට ගිය අවස්ථාවක නාමල් මන්ත්‍රීවරයාගෙන් “අයියා” ඉන්නවාදැයි ඇසූ අවස්ථාවේ “මෙහේ ඇති අයියෙක් නැතැයි ඔහුට දෝෂාරෝපණයකට ලක්වීමට සිදු වූ බවද වාර්තා වී තිබිණි. මේ අතර පසුගිය 10 වැනි සඳුදා දින ආණ්ඩුවේ දිනමිණ පුවත්පත මුල පිටුවේ වාර්තාකළේ කොළඹ පුරපති අපේක්ෂකත්වය භාරගන්නා ලෙස ජනාධිපතිවරයා පළමුවෙන් භාරත ලක්ෂ්මන් මහතාට ඇරයුම් කළ බවත් ඔහු එය කිහිප විටක්ම ප්‍රතික්ෂේප කළ බවත්ය.
භාරත මහතාගේ සොහොයුරු සොහොයුරියන්ද මාධ්‍ය වෙත පවසා තිබූ අදහස්වලින් ප්‍රකාශ වූයේ ද ශ්‍රී ල.නි.ප.ය තුළ ඔහුට අත්වෙමින් තිබූ ඉරණමය. “අයියාට මරණ තර්ජන තියෙනවා කියල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට දැනුම් දුන්නා, ලිපි යැවුවා එම ලිපිවල පිටපත් තියෙනවා. නමුත් ආරක්ෂාව වෙනුවෙන් කිසිම පියවරක් ගත්තේ නැහැ. ලිපිවලට උත්තරයක්වත් ලැබුණේ නැහැ. පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්ද මගේ අයියගෙ ජීවිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්ම උදුරාගත්තා” භාරතගේ බාල සොහොයුරියක් පුවත් පතකට කියා තිබිණි.
ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයෙන් ගොදුරක් ලෙස ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් මහතා වෙනුවෙන් පසුගිය 10 වැනි දින මුල්ලේරියාවේදී ශ්‍රී.ල.නි.පක්ෂිකයන් රැසකගේ සහභාගිත්වයෙන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි. 10 වැනි දින කොළඹ පැවති ශ්‍රී.ල.නි.පක්ෂයේ නිදහස් සේවක සංගම් සංවත්සරයේදී ද ආණ්ඩුවේ මෙම අර්බුදය එළියට පැන්නේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මර්වින් සිල්වා අමාත්‍යවරයාට මැර ක්‍රියා පිළිබදව චෝදනා කිරීමත් සමගය. ඝාතනය පදනම් කර ගනිමින් බොරදියේ මාළු ඇල්ලීමට සූදානම් වන බවට පිළිතුරු දී ඇති අමාත්‍යවරයා එවැන්නන් ද්‍රෝහීන් ලෙස හඳුන්වන බවට පිළිතුරු දී තිබේ.
කෙසේ වුවද දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුව තුළ වර්ධනය වන මහින්ද රාජපක්ෂ විරෝධය මෙම ඝාතනයන් සමග ත්‍රිවුර වීම වැළැක්විය නොහැකි වනු ඇති බවය. මේ තත්වය තුළ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.පෙ. ජ්‍යෙෂ්ඨයන් දිනාගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබද වැඩි තොරතුරු ඉදිරියේදී හෙළිවනු ඇතැයි ද ඔවුහු පවසති.{jcomments off}
Views: 0









